Sunday, August 2, 2015

හැමදාම නාන අයට ලෙඩ වැඩියි

දවසෙම වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවම නාගත්තම ඇඟට හරි සනීපයි. මේ නිසාම හැමදාම නාන එක ගොඩක් දෙනාගේ පුරුද්දක් වෙලා.
නමුත් චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය වරුන් කියා සිටින්නේ හැමදාම නාන එකෙන් අපේ සමේ තිබෙන අත්‍යවශ්‍ය මේද ස්තරය ඉවත් විය හැකි බවයි.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කැසේ කාලෝස් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් ඔප්පු වුනේ හැමදාම සිසිල් දියෙන් නාන අයගේ සමේ රෝග ඇති වීමේ ඇති හැකියාව වැඩි වන බවයි.
ඔහු කියා සිටින්නේ සම පිරිසිදු කරගන්නට හොඳටම හැකියාව ඇත්තේ අප බාහිරින් ආලේප කරන මොන දේටත් වඩා සැමටම බවයි.
සම විසින්ම මැරුණු සෛල ඉවත් කරන තෙක් නොසිට අපි තදින් අතුල්ලා ඒවා ඉවත් කරන්නට යාම මගින් හරිහැටි වර්ධනය නොවූ සම බාහිරට නිරාවරණය වී රෝග සැදීමට ඇති නැඹුරුව ඉහල දමන බවයි.
ඉතින් එහෙමයි කියලා මග දිගට දුවිල්ලේ ගිහින් ආවම නාගන්නේ නැතුව කොහොමද කියලා ඔබ අහයි. ඔව් ඒ සඳහාත් විසඳුමක් තිබෙනවා. මඳ රස්නය සහිත වතුරෙන් ඉතා අඩු කාලයක් තුල නාගත්තොත් ඒ මගින් ඔබේ සිරුරට හානියක් වෙන්නේ නැහැ. නාගත්තට පස්සේ තුවායෙන් අතුල්ලනේ නොමැතිව ඉතාම සියුම්ව තෙත මාත්තු කිරීමක් පමණක් හොඳටම ප්‍රමාණවත්.